STF ඉවත්වෙයි. - අධිවේගී මාර්ගවල ආරක්ෂාවට ආ අලුත්ම පිරිස මෙන්න.

STF Highways In Sri Lanka
By Wayomi Mar 15, 2024 12:21 PM GMT
Wayomi

Wayomi

Report

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා.

එසේ සිදු කර ඇත්තේ,මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන්.

ඒ, අනුව පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ, ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බවත්ය.  

ReeCha