මෙරට මුහුදු සීමාවේදි භයානක ලෙස මරණයට පත්වුණු විදෙස් ජාතිකයාගේ මරණයේ අබිරහස....

Police spokesman Jaffna Sri Lanka Germany Death
By Sithumi Nov 09, 2023 06:43 AM GMT
Sithumi

Sithumi

Report

 තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටි විදේශිකයකු අද (09) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

විදේශිකයා දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ එහි සිටි පිරිසක් විසින් ඔහු බේරාගෙන තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණද එම අවස්ථාවේදිත් ඔහු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ, 49 හැවිරිදි ජර්මානු ජාතිකයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මයි.

මේ අතර පසුගියදාවැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා ඇති පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.

මිය ගිය තැනැත්තා විසිඅට හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබුණා.

5 වැනිදා උදෑසන වැල්ලවත්ත පොලිසියට දුරකථනයෙන් අමතා මෙම මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී තිබුණා.

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැලුම් සලකුණු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. 

ReeCha