අමරකීර්ති අතුකෝරල ඝාතනයේ විත්තිකරුවන් 37කට ඇප.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 37 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇත.
ඒ ඊයේ (28) අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ගම්පහ මහාධිකරණයේ කැඳ වූ අවස්ථාවේදී ය.
අමරකීර්ති අතුකෝරල මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඔහු අරගලය ක්‍රියාත්මක වූ පසුගිය වසරේ මැයි මස 9 වන දා නිට්ටඹුව ප්‍රදේශයේ දී පහරදී ඝාතනයට ලක් වූ අතර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු ද එහිදී ඝාතනය කෙරිණ.