අතුරුදන්වී සිටියදී සොයාගත් දරුවා දෙමව්පියන් හමුවූ අවස්ථාව (VIDEO)

rathnapura sripadaya malangama atigala road nuwan lakshan
By Sewvandhi Aug 02, 2021 11:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අතුරුදන්වී සිටියදී සොයාගත් රත්නපුර ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා ඊයේ (01) රත්නපුර පොලීසියේදී සිය දෙමව්පියන් හමුවිය. ඔහු රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

ඊයේ (01) සවස් කාලයේ දී කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී එම දරුවාව පොලිස් භාරයට ගෙන තිබුණි.මීට පෙර එම දරුවා සිරිපා වන්දනා කිරීම ද වාර්තා වු බව පොලීසිය පැවසීය.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වනදා සිට අතුරුදන්වී ඇති බව පවසමින් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි. පොලීසිය සඳහන් කළේ එම දරුවාව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha