කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන්..

Sri Lanka Hospitals in Sri Lanka Strike Sri Lanka Doctors
By Piyumika Nov 05, 2024 05:05 AM GMT
Piyumika

Piyumika

Report

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර ඇත.  

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්..

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක කෝණාර අද උදැසන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාරින් ලිඛිත ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවු බවයි.

ReeCha