කළුතර දැරියගේ මරණයේ ප්‍රධාන සැකකරු කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සිටින ඡායාරූප. (PHOTOS)
කළුතර හෝටලයක තුන්වන මහලෙන් වැටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධ වයස අවුරුදු 29ක් වූ ප්‍රධාන සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට අවසර ලැබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව පොලීසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත්, මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්ව ඇති අතර සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා පවසා ඇත්තේ, ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බවයි.
මේ අතර, ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මේ දිනවල එසේ සංසරණය වන පින්තූර කිහිපයක් පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |











