තරුණියක් දිය නාමින් සිටියදී ඇගේ නිරුවත් දර්ශන ලබාගත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් මාට්ටු වුණ හැටි මෙන්න..

Sri Lanka Police Ministry of Education Sri Lanka Education
By Aruna Jul 17, 2024 07:48 AM GMT
Aruna

Aruna

Report

වවුනියාව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ඉංග්‍රීසි පන්තියක් පවත්වා ගෙන යන නිවසකදී තරුණියක් දිය නාමින් සිටියදී ඇගේ නිරුවත් දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන්ට ඊයේ (16) පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් යම් සාධකයක් වේ නම් පොලීසියට පැමිණිල්ලක් කොට තරුණියට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නා බවයි, විශ්වවිද්‍යාල බලධාරීන් කියා සිටියේ.

වවුනියාවේ තිරුවණාව්කුලම ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසුවියන් පිරිසක් හා රජයේ සේවිකාවන් පිරිසක් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයක අදාල කථිකචාර්යවරයා ඉංග්‍රීසි පන්තියක් පවත්වා ගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන මෙතෙක් නොඇසූ විශේෂ හෙළිදරව්වක්..දකුණේ ප්‍රබලයෙක්ට ඇගිල්ල දිගු වෙයි.(VIDEO)

ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන මෙතෙක් නොඇසූ විශේෂ හෙළිදරව්වක්..දකුණේ ප්‍රබලයෙක්ට ඇගිල්ල දිගු වෙයි.(VIDEO)


සිද්ධිය වූ දින පන්තිය පවත්වමින් සිටියදී රාජ්‍ය සේවිකාවක් වූ තරුණියක් දිය නෑම සදහා නාන කාමරයට ගිය පසුව කථිකාචාර්යවරයා පන්තිය නවතා එම ස්ථනයට ගොස් නාන කාමරයේ කවුලුවකින් දිය නාමින් සිටි තරුණියගේ නිරුවත වීඩියෝ කොට තිබේ.

දිය නාමින් සිටි කාන්තාව නාන කමරයේ කවුලුවකින් ජංගම දුරකතනයක් තිබෙනු දැක බිය වී කෑ ගසා ගෙන එලියට පැමිණ ඇති අතර පසුව ඉංග්‍රිසි කථිකාචාර්යවරයා එම ස්ථනයෙන් ඉවත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

හෙට රට පුරා සියලුම විද්‍යාපීඨවලට යුධ හමුදා ආරක්ෂාව ඉල්ලයි..

හෙට රට පුරා සියලුම විද්‍යාපීඨවලට යුධ හමුදා ආරක්ෂාව ඉල්ලයි..


මේ සම්බන්ධයෙන් නිවසේ සවි කොට තිබූ සී.සී.ටීවී කැමරා පරීක්ෂා කිරීමේදී අදාළ කථිකාචාර්යවරයා විසින් නාන කාමරය අසලට වී වීඩියෝ කරන දර්ශන දැක ගැනීමට හැකි වී ඇත.

ReeCha