ක්‍රිකට් තහනම ගැන ඇහෙන අලුත්ම කතාව...
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Hashini
ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බවයි.
එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මේ වන විටත් ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස් වූ කමිට රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බවයි.
එසේම ෂම්මි සිල්වා ඉදිරියේදී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC රැස්වීම සඳහා ද සහභාගී වීමට නියමිත බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ 2014 - 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් පිළිගෙන ඇති බවද ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

