රටේ තෙල් සංචිත ධාරිතාව වැඩිදියුණු කිරීමට පියවරක්

Report

රට තුළ තෙල් සංචිත ධාරිතාව තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් තවත් තෙල් ටැංකි 6ක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි.

මෙම ඉදිකිරීම් පසුගිය කාලයේ අතරමඟ නවතා දමා තිබූ ඒවා යළි ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ලෙස සැලකෙන අතර, එය රටේ ඉන්ධන සැපයුමේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි.

අද (16) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ රාජකරුණා මහතා පැවසුවේ,

"පසුගිය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හේතුවෙන් අතරමඟ නවතා දමා තිබූ තෙල් ටැංකි ඉදිකිරීම් මෙයින් යළි ආරම්භ කිරීමෙන් රටේ තෙල් සංචිත ධාරිතාව වැඩිදියුණු කිරීමට හැකිවනු ඇත" 

මෙම නව ටැංකි 6ක් මගින් රටේ තෙල් ගබඩාව තවදුරටත් වැඩිදියුණු වී, අනාගත ඉන්ධන හිඟයන් වළක්වා ගැනීමේ හැකියාවක් ඇති වන බව ඔහු සඳහන් කළේය.

මහින්ද බලන්න ගිය විමල් තද වෙයි - ඇත්ත වශයෙන්ම රනිල්ගේ අතේ තිබුණු වැල් පාලම කැඩෙන්න යන්නේ

මහින්ද බලන්න ගිය විමල් තද වෙයි - ඇත්ත වශයෙන්ම රනිල්ගේ අතේ තිබුණු වැල් පාලම කැඩෙන්න යන්නේ

මෙම මාධ්‍ය හමුවේදීම, වරායෙන් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා නව නළ මාර්ග දෙකක් ඉදිකිරීමේ සැලැස්ම පිළිබඳව ද රාජකරුණා මහතා අදහස් පළ කළේය.

"මෙම නව නළ මාර්ග මගින් තෙල් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකිවනු ඇත. එය රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සුමටව සිදුකිරීමට දායක වනු ඇත"

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෑතකදී වාර්ෂික ලාභ බිලියන 18කට ආසන්න මට්ටමකට ළඟා වීමත් සමඟ, මෙවැනි සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමේ හැකියාව තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙම කටයුතු රජයේ බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස සැලකෙන අතර, ඉදිරි මාසවලදී මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන තවදුරු නිවේදනයක් නිකුත් කෙරෙනු ඇත.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්