බස්නාහිර පළාතට කුඩා ව්‍යාපාර වලට සහන ණය

Report

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ.

මෙම යෝජනාව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා විසින් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිදරව් කර ඇත.

ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ,

"බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහය වීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ලබාදෙන ණය සඳහා පොලී අනුපාතය 3%ක් වන අතර, උපරිම ණය මුදල රුපියල් මිලියන 3ක් වෙනවා. ණය ආපසු ගෙවීම වසර 7ක් තුළ හීන වන ශේෂ ක්‍රමයට (Reducing Balance Method) සිදුකළ යුතුයි. මෙම යෝජනා ක්‍රමය පිළිබඳ දැනුම්වත් කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකරනවා"  

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

මෙම ණය යෝජනා ක්‍රමය බස්නාහිර පළාතේ කුඩා ව්‍යාපාරිකයන්ගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීම, රැකියා අවස්ථා ජනනය කිරීම සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් හඳුන්වාදී ඇති අතර, විශේෂයෙන් ව්‍යවසායකයින්ට මූල්‍ය ආධාර ලබාදීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.

මහින්ද බලන්න ගිය විමල් තද වෙයි - ඇත්ත වශයෙන්ම රනිල්ගේ අතේ තිබුණු වැල් පාලම කැඩෙන්න යන්නේ

මහින්ද බලන්න ගිය විමල් තද වෙයි - ඇත්ත වශයෙන්ම රනිල්ගේ අතේ තිබුණු වැල් පාලම කැඩෙන්න යන්නේ

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්