මාලදිවයින් මාධ්‍ය නිදහස උදෙසා හෙට ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
මාලදිවයිනේ මාධ්‍ය නිදහස සීමා කිරීමේ අරමුණින් යෝජනා වී ඇති "මාලදිවයින් මාධ්‍ය හා විකාශන පාලන පනතට" (Maldives Media and Broadcasting Regulation Bill) එරෙහිව ශ්‍රී ලාංකික ස්වේච්ඡා පුරවැසියන් හෙට (17) කොළඹදී විරෝධතාවක් සංවිධානය කරමින් සිටියි.
මෙම විරෝධතාව මාලදිවයිනේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම, එරට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා නිදහස තහවුරු කිරීම සඳහා කලාපීය රටක පුරවැසියන් ලෙස සංකේතාත්මක විරෝධයක් ලෙස සැලකෙන අතර, කිසිදු සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් එයට සම්බන්ධ නොවන ස්වේච්ඡා ජන ව්‍යාපාරයක් ලෙස මෙය හඳුන්වා දේ.

මෙම විරෝධතාව හෙට (17) පස්වරු 3:00ට ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතය. මාලදිවයින් ආණ්ඩුව ගෙන ඒමට යෝජිත මෙම පනත කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස සැලකෙන අතර, එයට එරෙහිව එක්වෙන ස්වේච්ඡා පුරවැසියන්ගේ මතය මෙයින් පැහැදිලි වේ.
මාලදිවයින් ආණ්ඩුව ගෙන ඒමට යෝජිත මෙම පනත කලාපයේ මාධ්‍ය නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස මේ සඳහා එක්වෙමින් සිටින ස්වේච්ඡා පුරවැසියන්ගේ මතය වී තිබේ.