මෙතෙක් ශ්‍රී ලංකාවේ විශාලතම ශිලා ලේඛනය හමුවෙයි. - හමු වූ තැන මෙන්න. - (PHOTOS)
මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන් හමු වී තිබෙනවා.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් සොයා ගත් මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයා ගනු ලැබුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බවයි වාර්තා වන්නේ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවයි.



