ගුරු සංගම් ප්‍රධානියා CID යට

strike teachers union johsap staly fake letter shehan disanayake
By Sewvandhi Aug 03, 2021 02:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිල්ලක් සකස්කර වැරදි සහ ජනතාව නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (2) පැමිණිල්ලක් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා මෙම පැමිණිල්ල කළේ මාර්ගගත ක්‍රමයට යැයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පෞද්ගලිකවම ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය. සංවිධානාත්මක කණ්ඩායමක් සංගමයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස වෙනස් කර තම සාමාජිකයන් නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රචාරණ කටයුත්තක නියැලී ඇතැයි පැවසූ ෂෙහාන් දිසානායක මහතා මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් නොරැවටෙන ලෙස රටවාසී සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha