රට යන අයගෙන් උපාධියේ මුදල අය කරගැනීමට සැරසෙයි.

Sri Lanka Government Of Sri Lanka Education
By Wayomi Aug 22, 2023 07:33 AM GMT
Wayomi

Wayomi

Report

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතු වී ඇත්තේ, කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැතිවීම බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.    

ReeCha