හිටි හැටියේ මියගිය තරුණිය
නිවසේ තනිව සිටි 25 හැවිරිදි තරුණියක් හිටිහැටියේ මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය වාර්තා කර තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත පෙදෙසේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියයි.
එසේම මෙම තරුණිය මීට මාස කීපයකට පෙර විවාහ වී ඇති අතර,මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවා නිවසට එද්දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්ව වැටී සිටින දැක වහා ක්‍රියාත්මක වී ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිටි ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .
මෙම මිය ගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බවත් තරුණිය මිය ගියේ පැවති අධික වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බවත් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |