සියල්ලන් බලා සිටියදී මහ දවාලේ තරුණියක් පැහැරගෙන යයි - එම අවස්තාවේ CCTV දර්ශන සහිතයි (CCTV VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාරගනිමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.ඒ හොරණ ප්‍රදේශයේ දීය.
34හැවිරිදි වියේ පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස පැහැරගෙනගොස් ඇත.
කෙසේ වෙතත් එම පැහැරගැනීම සමබන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හෝටල් සේවකයින් විසින් පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හොරණ පොලීසියේ නිලධාරීන් විසින් පැය 3කට ආසන්න කාලයකදී පැහැරගත් තරුණිය සොයාගෙන ඇති අතර එහිදී පැහැරගැනීම සඳහා පැමිණි පිරිසද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීය.
