ගර්භාෂයික කලලයේ කොවිඩ්
කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භනී මවකගේ ගර්භාෂයේ මියගොස් සති 37 ක් වයසැති කලලරූපයක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ මරණ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනිය පවසයි.
මියගිය දරුවා පිළිබඳව කරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් දරුවාට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ඔහු පවසයි. ගාල්ල - තඩල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් කෝවිඩ් ආසාදනයකින් පෙළෙන දරු ප්‍රසූතියක් සිදු කර තිබේ.
මෙම කාන්තාව මේ වන විටත් කරන්දෙනියා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ඇති අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුව සිය නිවසට පැමිණ තිබේ. ඉන් අනතුරුව මෙම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා මහමෝදර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අවස්ථාවේ දී, දරුවා ගර්භාෂයේ දී මියගිය බව කියනු ලැබේ. කරාපිට්ය ශික්ෂණ රෝහලේදී මියගිය ළදරුවාගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ. ඒ අතරම, කළලය තුළ කෝවිඩ් ආසාදනය ඇති බව තහවුරු විය.
ළදරුවාගේ ශරීර කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ස්ථානයට යවා ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. ළදරුවාගේ ශරීර කොටස් කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වූ නියුමෝනියාවෙන් මිය ගොස් ඇත්දැයි සොයා බැලීමට යවා ඇති බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |