අටේ සිසුවා පාසලේ සංගීත කාමරයට ගිනි තබලද..?

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation School Incident School Children
By Sewvandhi Aug 06, 2024 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණමඩුව ප්‍රදේශයේ විදුහලක සංගීත කාමරය ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම 8වන ශ්‍රේණියේ සිසුවෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.

මෙම ගිනිතැබීම සඳහා එම සිසුවාට අමතරව තවත් සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බවට සැක කෙරෙයි. පසුගිය 04 වනදා මෙම විදුහලේ සංගීත ඒකකය ගිනි ගැනීමකින් විනාශවී තිබූ අතර එය අනෙක් ගොඩනැගිලි වෙත පැතිර යාම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා සහ ගුරුවන් පිරිසක් සමත්වී තිබුණි.

අදාළ ගිනිගැනීම විදුලි කාන්දුවක්ද නැතහොත් ගිනි තැබීමක්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළේය. එහිදී හෙළිවී ඇත්තේ පාසල් සිසුවෙකු දහවල් කාලයේ පාසල පිටුපස ආරක්ෂිත වැටෙන් පාසල් භූමිය වෙත පැමිණ ඇති බවය.

මෙහිදී අදාළ සිසුවාගෙන් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු ලැබී ඇත්තේ දිවුල් කැඩීමට ගසට ගැසූ ගලකින් සංගීත කාමරයේ වීදුරුවක් බිඳී ගිය බවය.(උපුටාගැනීමක්)

ReeCha