“සමහරු චිත්‍රපටය යන අතරතුරම නැගිටලා ගිහින් ! තවත් අයට ක්ලාන්ත ගතියක් දැනිලා !” - බලන්න තියා හිතන්නවත් බැරි පිළිකුල් සහගත දර්ශන රැගත්, ජුගුප්සාජනක චිත්‍රපටය, ලෝකයේම අවධානයට

movie Birizani Malazalam Kan kusruti Shailaja Jala
By Sewvandhi Oct 06, 2021 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගියදා නිකුත් වුණු ආන්දෝලනාත්මක මලයාලම් සිනමා පටයක් තමයි "බිරියානි" කියලා කියන්නේ. මේක ඇයි මේ තරම්ම "ආන්දෝලනාත්මක" වෙන්නෙ කියන කාරණාව නිසාම ගොඩක් දෙනෙක් මේක නරඹන්න පෙළඹුණා. හැබැයි ඒ බලපු බොහෝ දෙනෙක් අතරමඟ එය නැරඹීම නවතා දැමූ බවයි දැනගන්න ලැබෙන්නේ.

ඒකට හේතුව වුණේ, මෙහි ඇතුළත් බොහෝ දර්ශන නැරඹීමට අපහසු විදිහේ පිළිකුල් සහගත දර්ශන වීම.. ඒක එහෙම වුණත්, මේ නිර්මාණයට දායක වුනු සියලු දෙනා එක්තරා ආකරයක විප්ලවීය වැඩක් කරපු බව නම් අනිවාර්යෙන්ම කියන්න ඕනි. ඒ මොකද මේ නිර්මාණය තුළින් සමාජය ඇතුළත, බොහෝ දෙනෙක් කතාබහ කරන්නට අකැමැති දේ විවෘතව කතා කෙරෙනවා.

කදීජා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඇය මුස්ලිම් ජාතික කාන්තාවක්. නමුත් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන කෙනෙක් නෙවෙයි. ඇයට මුහුණ පාන්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි චිත්‍රපටය හරහා දිගහැරෙන්නේ. මෙය වඩාත් ආන්දෝලනයට ලක්වන්නේ මෙහි ඇතුළත් ඇතැම් ලිංගික දර්ශන සහ තවත් බොහෝ පිළිකුල් සහගත දර්ශන කිසිදු "කපා කොටා දැමීමකින්" තොරව ඇතුළත් කර ඇති නිසයි.

(කුඩා බිළිඳුන්ගේ මළසිරුරු, ඇතැම් සත්ත්ව ඝාතන පවා ඒ දර්ශන අතර තියෙනවා.) එය එසේ වුවත්, මෙහි කතා තේමාවේ ගැඹුර නිසාම එය සම්මාන රැසකට නිර්දේශිත "සුපිරිම ඝනයේ" චිත්‍රපටයක් ලෙසට විචාරකයින්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Kani Kusruti, Shailaja Jala ඇතුළු කිහිපදෙනෙක්. බිරියානි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajin Baabu විසිනුයි.

චිත්‍රපටයට ලැබිලා තියෙන සම්මාන තමයි පහළින් තියෙන්නේ....

හොඳම නිළිය, කේරළ රාජ්‍ය සම්මාන උළෙල – 2020

හොඳම නිළිය – BRICS තරඟකාරී අංශය,

42වන මොස්කව් සිනමා උළෙල. හොඳම චිත්‍රපටය වෙනුවෙන් NETPAC සම්මානය,

20වන ඒෂියාටීකා සිනමා උළෙල, රෝමය.

හොඳම චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ තිළිණය,

බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙල. හොඳම චිත්‍රපටය,

කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල,

බොස්ටන්. හොඳම නිළිය,

කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල,

බොස්ටන්. දෙවන හොඳම නිළිය වෙනුවෙන් කානි කුසුර්ති, Imagine සිනමා උළෙල,

මැඩ්රිඩ්, ස්පාඥය. හොඳම තිර රචනය වෙනුවෙන් පද්මරාජන් සම්මානය.

හොඳම තිර රචනය වෙනුවෙන් කේරළ සිනමා විචාරක සම්මානය.

IFFC මහජන ප්‍රසාද සම්මානය. හොඳම නිළිය,

IFFC සම්මානය. ජූරියේ විශේෂ සම්මානය,

තමිල්නාඩු ස්වාධීන සිනමා උළෙල ජූරියේ විශේෂ සම්මානය,

67වන ජාතික සිනමා සම්මාන උළෙල 2021


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha