මෙරටට වාහන ගෙන්වන්නේ විශේෂ පිරිසකට පමණයි.

Ranjith Siyambalapitiya Sri Lanka Tourism vehicle imports sri lanka
By Wayomi Apr 05, 2024 09:16 AM GMT
Wayomi

Wayomi

Report

සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

ඔහු මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවයි.

"රටේ තිබෙන විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා. නමුත් සංචාරක කර්මාන්තයේදී අවුරුදු 6කට වඩා පැරණි වාහන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ තියෙන වාහන ටික පැරණි වේගෙන එනවා. තියෙන වාහන ප්‍රමාණය මදිවෙලා තියෙනවා. ඒ නිසයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ සංචාරක කර්මාන්තය සඳහාම අරමුණු කරගෙන බස් 250ක් සහ වෑන් 750ක් ගේන්න. වාහන 1000ක් පමණමයි ගෙන්නේ."

ReeCha