වාහන අංක තහඩු ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත්ත තීන්දුව

By Hashini Apr 30, 2025 02:48 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.

එනම් පෙරේදා( 28) සිට මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනුයේ මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ මුල් වාහන ලෙස ලියාපදිංචි වී ඇති වාහන දහස් ගණනක අංක තහඩු මුද්‍රණය කරගත නොහැකිව අතරමග නැවතී තිබෙන බවයි.

මෙහිදී මෙම තත්ත්වයට හේතු ලෙස වාහන අංක තහඩු මුද්‍රණය කරන පුද්ගලික සමාගම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ඇති ගිවිසුමක ගැටලුවක් හා එම සමාගමට ලබාදිය යුතු මුදල් නොගෙවීමක් බවක් එම ආරංචිමාර්ග කියා සිටියි.

කෙසේවෙතත් මීට මාස කිහිපයකට පෙර ද මෙම සමාගම තම ඒකමතික තීරණය මත අංක තහඩු මුද්‍රණය නවතා දමා තිබුණා.

එහිදී එවක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ හා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීම මත අංක තහඩු මුද්‍රණ කටයුතු යළි ආරම්භ කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබිණි.

මෙවන් තත්ත්වයක් මැද අංක තහඩු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය සඳහා පුද්ගලික සැපයුම්කරුවකු තෝරා පත්කර ගැනීමේ ටෙන්ඩරය ද පෙරේදා (28 වැනිදා) විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයන් ගණන ඉහළට

අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයන් ගණන ඉහළට