ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුළු දිවයිනටම විශේෂ නිවේදනයක් - පොලී අනුපාතය වෙනස් කිරීම ගැන දැනුම් දෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැති විශේෂ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය දැනට පවතින 8.75%ක මට්ටමේම වෙනස් නොකර පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
දේශීය මෙන්ම ගෝලීය වශයෙන් සිදුවන ආර්ථික තත්ත්වයන්ගේ වෙනස්කම් සහ ඉදිරි ආර්ථික දැක්ම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකුව විසින් මෙම මූල්‍ය තීරණයට එළඹි බව සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති යුධමය හා දේශපාලනික ආතතීන් හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන්ම ඛනිජ තෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය සමස්ත ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි අතර, විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ද ඍජු බලපෑම් එල්ල කිරීමේ අවදානමක් පවතින බව මහ බැංකුව පෙන්වා දෙයි.
2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන්ම දේශීය බලශක්ති සහ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම බලපා තිබේ.