අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයන් ගණන ඉහළට
පොලීසිය පවසන්නේ මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර තිබෙනවා.
පසුගිය මාර්තු 3 වන දින සිට අද (30) උදෑසන දක්වා වූ කාලය තුළ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් ද 349 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ දිනට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් වාර්තා වී ඇති අතර, ඉහත කාල සීමාව තුළ පැමිණිලි 89ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව වාහන 32ක් ද පොලිස් භාරයට ගෙන ඇත.