මරණ දඬුවම සංශෝධන කෙරේ..අලුත්ම නීතිය මෙන්න..

By Sewvandhi Dec 14, 2021 09:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබේ. එ

මගින් වරද සිදුකරන අවස්ථාවේ දී වසස අවුරුදු 18ට අඩු කවර හෝ තැනැත්තෙකු ට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවට සහ එම දඬුවම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය කර ඇත. 

 එහෙත් වරද අවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තියට මේ වන විට ඇතුළත් කර නොතිබුණි.

ඒ අනුව මෙම නව සංශෝධනය මගින් දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතුලත් කරුණු වල පැවති අසමානතාව අවසන් වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now