අඹ ගෙඩියකින් සිදු වූ දෙමස් ගැබිනි මවගේ මරණයට හේතුව හෙළි වෙයි.
By Wayomi
දෙමස් ගැබිනි මවක් අඹ ගෙඩියක් ආහාරයට ගෙන විනාඩි කිහිපයකින් මරණයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, දැල්පිටිය, ගඟසිරිගම පදිංචි යාපා මුදියන්සේලාගේ චාමනී කුමාරි නමැති 33 හැවිරිදි එක්දරු ගැබිනි කාන්තාවක්.
විදේශගතව සිටි ඇය මෙරටට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ පෙරයි.
මෙහිදී ඇගේ සැමියා සහ සහෝදරියක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් මිලදී ගත් අඹ ගෙඩියක් ඇය ආහාරයට ගැනීමෙන් පසු ඇයට සිහිසුන්වී තිබෙනවා.
පසුව ඇය 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටදීද ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙය ප්‍රශ්නගත මරණයක් නිසා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කරනු ලැබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ පැලෝපීය නාළය තුළ වර්ධනය වී තිබූ කලලය පුපුරා යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |