කාසල්රී ජලාශයෙන් තරුණයෙකුගේ මළසිරුරක් හමු වේ..ජලාශය අසළින් අභිරහස් හෝඩුවාවක්..
නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මළසිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) දින පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා. මෙසේ ගොඩගනු ලැබුවේ, නොර්වුඩ් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නමැති(20) හැවිරිදි තරුණයෙකුගේ සිරුරයි.
කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මතයි නොර්වුඩ් පොලිසිය විසින් ඒ පිළිබඳව විමර්ශන ඇරඹුවේ.
අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුවල හඳුනාගැනීමෙන් අනතුරුව කාසල්රි ජලාශයේ ධීවරයින්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදීයි, තරුණයාගේ සිරුර ජලාශයේ තිබි ගොඩගෙන ඇත්තේ.
මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
