රටට සුභ ආරංචියක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 12, 2023 02:24 AM GMT
Aruna

Aruna

Report

2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දී තිබෙනවා.

ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර රුපියල අවප්‍රමාණයවීම හමුවේ පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම, මෙරට ආනයන සහ අපනයන ප්‍රතිපත්තියක් නොමැති බවට තවත් සාධකයක් බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය අනුව සිදුකළ යුත්තේ ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවාද යන්න සහ ආනයනය කෙරෙන භාණ්ඩවලින් කොපමණ ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කළ හැකිද යන්න හඳුනා ගැනීම බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ.

නිවැරදි ආනයන සහ ආපනයන ප්‍රතිපත්තියක් රටට හඳුන්වාදීම ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් සිදුකළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ආර්ථික විද්‍යාත්මකව පුළුල් විශ්ලේෂණයක් සිදු නොකර ක්‍රියාවට නංවන ආනයන ප්‍රතිපත්ති හරහා රටට විශාල හානියක් සිදුවන බව ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.