ලංකාවේ වත්මන් තත්ත්වය ගැන මහ බැංකුවෙන් වාර්තාවක් නිකුත් කෙරේ..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Aug 15, 2022 05:58 AM GMT
Aruna

Aruna

Report

මේ වසරේ (2022) පළමු මාස පහේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2021) පළමු මාස හතට සාපේක්‍ෂව 50% කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) ජනවාරි මස සිට ජුලි මස දක්වා මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 3777.6 ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2022) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1889.4 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

එසේම ගිය වසරේ (2021) ජුලි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 453.3 ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2022) ජුලි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 279.5 ක් දක්වා සියයට 38 කින් ද පහත වැටී ඇති බව මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now