මහ බැංකුවෙන් මුදල් ගෙවීමට හදුන්වා දුන් නව ඩිජිටල් ක්‍රමවේදය මෙන්න.

Sri Lanka The central bank
By Aruna Oct 25, 2021 07:20 AM GMT
Aruna

Aruna

Report

කාසි සහ නෝට්ටු රහිත QR කේතය මත පදනම් වූ ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය "Lanka QR" නමින් මහ බැංකුව විසින් හදුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ලෙසයි මෙය සැලකෙන්නේ.

මේ අතර අවිධිමත් මාර්ග හරහා දිවයිනට ලැබෙන විදේශ ප්‍රේෂණ නියමානුකූල ක්‍රම මාර්ගයෙන් ගෙන්වාගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඩිජිටල් මූල්‍යකරණයේ ඉදිරි පියවරක් තබමින් ලංකා කිවු ආර් වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් අද පෙරවරුවේ පැවති වැඩසටහනේදී ඔහු මේ බව පැවසුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා ‘ලංකා රෙමිට්’ නමින් නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now