සූදුපොළක් වටලා මුදල් කොල්ලකෑ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

ajith rohana algama money robbed kagalle
By Sewvandhi Jun 30, 2021 11:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අල්ගම සූදුපොළක් වටලා එහි සිටි 6 දෙනකු දෙදෙනා බැගින් බැඳ වෑන් රථයක රැගෙන ගොස් මුදල් හා දේපල මංකොල්ලකෑමට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව වරකාපොළ පොලීසිය පවසයි.

සූදුපොළ සිවිල් ඇඳුමින් සැරසි සිටි පිරිසක් විසින් වටලා, එහි සිටි සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි 6 දෙනෙකු ඔවුන්ගේ භාරයට ගෙන පසුව දෙදෙනා බැගින් එකට බැඳ වෑන් රථයක දමාගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. මෙම පිරිස වෑන් රථයේ ගෙනඑන අතරතුරදී ඔවුන්ට පහරදුන් බව එම පුද්ගලයින් පවසයි.

අනතුරුව ඔවුන් සන්තකයේ තිබු මුදල් රුපියල් 614,000 ක් රුපියල් 180,000 වටිනා ජංගම දුරකථනය ද එම පුද්ගලයන් ලබාගෙන වාහනයේ එන අතරමගදී තැනින් තැන එම අයව බස්සවා ඇත. අවසන් පුද්ගලයාව නෙළුන්දෙණිය ප්‍රදේශයෙන් බස්සවා වෑන් රථය පිටව ගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් වරකාපොළ පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙහි විමර්ශන සීතාවක පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන කාර්යාංශයටත් වරකාපොළ පොලීසියටත් භාරකර ඇත.

මෙම විමර්ශන අනුව මෙම මංකොල්ලයේ සැකකරුවන් ලෙස අද (30) අළුයම කොළඹ පොලිස් රෝහලේ රියදුරෙක් සහ ගම්පහ පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙක් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩයම්වලට හැකිවිය.

තවත් සැකකරුවන් සිව් දෙනෙක් සොයා විමර්ශන අරඹා තිබේ. අත්අඩංගුවටගත් පොලිස් රියදුරා හා සැරයන්වරයා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha