තෝරයායේ මාරක බස් අනතුරේ රියදුරන්ට එරෙහිව දුන් අධිකරණ තීන්දුව
Sri Lanka Police Investigation
Accident
Law and Order
By Gagana News
සිව් දෙනෙකුට මරු කැඳවමින් 24 දෙනෙකුට තුවාල සිදු කළ කුරුණෑගල තෝරයායේ මාරක බස්රථ අනතුර සම්බන්ධ බස් දෙකෙහිම රියදුරන් දෙදෙනා වන අරලගංවිල ජයමුතුගම නිශ්ශංක සඳරුවන් සහ මැල්සිරිපුර ජී.රනිල් සංදීප යන සැකකරුවන්ට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය විසින් ඇප නියම කර තිබේ.
මේ අතර සැකකරුවන් දෙදෙනාගේ රියදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
මොවුන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කළ අතර මෝටර් රථ කොමසාරිස්වරයා මාර්තු මස වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කරන ලදී.
එසේම සැකකරුවන් දෙදෙනාගේ රියදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වහාම දන්වන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබේ.
