තවමත් තීරණයක් නැති ඉරාන ඇමරිකා සාකච්ඡාව
United States of America
Israel
Latest Headlines
Sinhala news
By Mithu
ඊශ්‍රායල ඉරාන යුද්ධය මේ වන විට තවමත් පැවැත්වෙන අතර රටවල් ගණනාවක් මේ යුද ගිනි දැල් නිසා ක්‍රීඩාවට පත් වී තිබේ.
ඒ අනුව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාව සමග ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අර්ථ විරහිත බව ඉරානය පවසනවා.
ඒ අනුව, හෙට පැවැත්වීමට සැළසුම් කළ සාකච්ඡා සඳහා සහභාගිවීම පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බකායි ප්‍රකාශ කර ඇත්තේ.
ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡාවල 6 වැනි වටය හෙට (15) මස්කට්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
