මොළය මැරුණු රෝගියා හදිසියේම ගුවනින් කොළඹට රැගෙන ආවේ ඇයි?

Colombo Hospital Accident
By Wayomi Nov 01, 2022 08:58 AM GMT
Wayomi

Wayomi

Report

හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර ගුවන් හමුදා බෙල් 412 යානයකින් බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (31) රැගෙන ආවා.

ඒ, හදවත් සැත්කමක් සඳහා ඔහුගේ ශරීරාංග යොදා ගැනීමේ අරමුණින්.

පළමු වරට සිදුවූ මෙම සුවිශේෂී ගුවන් මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව සිදු කර තිබෙනවා.

ගිලන් රථයක් ලෙස යොදා ගැනුණු මෙම හෙලිකොප්ටර් යානාව ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බළගණයට අයත් යානාවක්. බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ ය.

මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ, මොළය මියගිය මෙම පුද්ගලයාගේ ශරීර අවයව හදවත් සැත්කමට සේම වෙනත් ශරීරාංග බද්ධ කිරීම්වලට ලබාදීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW