උපාධිධාරිනි පෙම්වතිය ඝාතනය කර - උපාධිධාරි පෙම්වතා හොරෙන්ම කරගත් දේ. - (VIDEO)
හෝමාගම ප්‍රදේශයේ කුලී නිවසකදී 31 හැවිරිදි තරුණියක් පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
පසුව ඔහු ද වේදනානාශක පෙති වර්ගයක් පානයකර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඊයේ (07) පස්වරුවේ ඇතුලත් කර ඇත.
එහිදී ඔහුගේ කමිසයේ තිබූ ලේ පැල්ලමක් පිළිබඳ සැක සිතූ පොලීසිය ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ, තම පෙම්වතියව ඝාතනය කළ බවයි.
අනතුරුව පොලිසිය විසින් හෝමාගම උසාවිය පාරේ, පළමු පටුමගේ කුලී නිවසක තිබූ ගෙලෙහි කැපුම් තුවාල සහිත තරුණියකගේ මෘත දේහය සොයාගනු ලැබුවා.
මෙම තරුණිය, සැකකරු සහ ඔහුගේ මව සමග ඊයේ සවස 6 ට පමණ අදාළ කුලී කාමරයට පැමිණ ඇති අතර ,මව පමණක් රාත්‍රී 7 ට පමණ යළි එම නිවසින් පිටව ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සැක කරන්නේ, ඉන්පසුව සුළු ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, අවිස්සාවේල්ල, ගැටහැත්ත, අමුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි උපාධිධාරිනියක්.
සැකකරු වන ඇයගේ පෙම්වතා ද 32 හැවිරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නිරත උපාධිධාරියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
