එක් ඇමතුමකින් 900ක් එකවර ගෙදර යැවූ ලොක්කා..සූම් එකක් කළ වැඩක්.
සමූහ සේවයෙන් නෙරපා හැරීම කුරිරු බවට විවේචන උකස් ආයතනයක ප්‍රධානියෙක් සූම් තාක්ෂණයෙන් පොදුවේ ලබාදුන් එක් ඇමතුමකින් සිය සමාගමේ සේවකයන් නවසියදෙනකු එකවර සේවයෙන් පහ කර තිබේ.
පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු බෙදාහදාගෙන තිබූ මෙම සූම් ඇමතුමට එරෙහිව සතර දෙසින් දෝෂාරෝපණ එල්ල වූයේ නත්තල එළැඹීමට ආසන්නව තිබියදී මෙවැනි සමූහ සේවයෙන් නෙරපා හැරීමක් සිදුකිරීම කුරිරු බවට විවේචනය කරමිනි.
එසේම එය සිදුකළ ආකාරයේ ඇති අනුකම්පා විරහිත භාවයත්, වගකීම් විරහිතභාවයත් බහුතරයකගේ දෝෂදර්ශනයට ලක්ව තිබිණි.
ඇමරිකාවේ බෙටර් ඩොට්කොම් නමැති උකස් ආයතනයක ප්‍රධානියා වන ‘විශාල් ගාර්ග්’ විසින් මෙලෙස සේවකයින් එකවර සේවයෙන් පහ කර තිබේ.
සූම් තාක්ෂණයෙන් ලබාදුන් එම පණිවුඩයේ විශාල් ගාර්ග් වැඩිදුරටත් පවසන්නේ තම සේවා කාලය තුළ තමන් මෙවැන්නක් සිදුකරන්නේ දෙවැනි වරට වන අතර, මෙවැනි අසීරු තීරණයක් ගැනීමට සිදුවූ පළමු අවස්ථාවේදී තමාගේ නෙතට කඳුළු නැඟුණු බවයි.
සේවයේ ප්‍රගතිය, වෙළෙඳපොළ තත්ත්වය හා ඵලදායිතාව යන සාධක මත පදනම්ව එලෙස සේවයෙන් නෙරපා හැරණු පිරිස, ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එම සමාගමේ සමස්ථ සේවකයින්ගෙන් 15%කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |