ලංකාවම රනින් බැබල වූ තරුෂිගේ අනාගත බලාපොරොත්තුව?.
Sri Lanka
By krishani
2023 ආසියානු ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් විය.
ඇයට මේ වන විට ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකින්ම ශිෂ්‍යත්ව ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.
නමුත් ඒ සම්බන්ධයෙන්, එනම් එරටට යාමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.
මේ අතර තරුෂිගේ අපේක්ෂාව වී ඇත්තේ මීළඟ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් පුහුණුවීම් ඇරඹීම බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, ලබන වසරේ දී තරුෂි උසස් පෙළ විභාගයට ද මුහුණදීමට නියමිතයි.
එමෙන්ම ඇය අනිද්දා දින දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

සියල්ලන් පුදුම කරමින්, වාර්තා පිට වාර්තා තැබූ ලෝක කුසලාන තරඟාවලිය - සංගා තැබූ වාර්තාවත් බිඳ හෙළමින් තවත් සිංහයෙක් තැබූ සුපිරි වාර්තාව.. (PHOTOS)
