මාව සංගීතයෙන් අයින් කලා හේතුවක් දන්නෙත් නෑ.. මේ දවස් වල දවස් වල ජනප්‍රිය සුරූපී නිළි අවිශ්කා කියූ කතාව.. (PHOTOS)
2018 වසරේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ රංගන වරම් හිමිකර ගන්නා ඇයව පසුගිය දිනවල “සංගීතේ” ටෙලි නිර්මාණය හරහා ද දක්නට ලැබුණු අතර, මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “හිතුවක්කාරයා” ටෙලි නිර්මාණයෙහි “ගුවනි” නම් චරිතය හරහා ද ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය තමයි නව පරපුරේ ,ජනප්‍රිය, යොවුන්, සුරූපී රංගන ශිල්පිනී අවිශ්කා උමයංගි කියලා කියන්නේ.
නව පරපුරේ ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පී කේශාන් ශශින්ද්‍ර ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන “හිතුවක්කාරයා” ටෙලි නිර්මාණයෙහි “ගුවනි” නම් ඔහුගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරනු ලබන අවිශ්කාට, ඇයගේ චරිතය සාර්ථක ලෙස සිදු කිරීමට කේෂාන් ගෙන් අති විශාල සහයෝගයක් ලැබුණු බව හා ඔහු ඉතා මිත්‍රශීලී, නිහතමානි රංගන ශිල්පියකු බවත්
ඔහු සමග හා ලාංකීය සිනමාවේ නිළි රැජිනිය මාලනිය ෆොන්සේකා මහත්මිය සමග රංගනයේ යෙදීමට ලැබීම ඇය ලද අති විශාල භාග්‍යයක් බව හා ඇය එතුමියගෙන් බොහෝ දේ ඉගෙන ගත් බවයි අවිශ්කා කියා සිටියේ. ඒ වගේම “හිතුවක්කාරයා” ටෙලි නිර්මාණය ඇයගේ රංගන දිවියේ ඇයගේ දක්ෂතා උපරිමයෙන් පෙන්වීමට ලැබුණු විශාල අවස්තාවක් ලෙසයි අවිශ්කා දකින්නේ.
එහි ඇයට එක් අවස්ථාවකදී භරත නාට්‍යම් නර්තනයක් ඉදිරිපත් කිරීමටද තිබූ අතර, ඇය මින් පෙර කිසිදා නර්තනය හදාරා නොමැති බැවින් ඒ පිළිබඳව පැවසූ විට දින දහයක් පමණ එක දිගට පුහුණුවීම් සිදුකර එම නර්තනය ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කළ බවත්, ඒ සඳහා ඇයට සහාය වී ඇත්තේ නිලංගා නම් නර්තන ගුරුවරිය බවයි ඇයට ස්තුතිවන්ත වෙන ගමන් අවිශ්කා යි කියා සිටියේ
. සැබෑ ජීවිතයේ “ගුවනි” තරම් අවිශ්කා අහිංසක චරිතයක් නොවුණත් ඉතා සාර්ථක ලෙස එම චරිතයට ආරූඪ වී රංගනයෙහි නිරත වී ඇති ඇය එකිනෙකට වෙනස් චරිතයන්ගෙන් දක්නට ලැබෙන, ලැබෙන සියලු ආරාධනා බාර නොගෙන තෝරා බේරාගෙන චරිතයන් භාරගන්නා රංගන ශිල්පිනියක් බවයි කියා සිටියේ. ටෙලි නිර්මාණයන්ට අමතරව සිනමා නිර්මාණයන් සඳහා ද ආරාධනා ලැබුණත් හොඳ චරිතයක් නොලැබුණු නිසා එම ආරාධනා බාර නොගත් බවයි ඇය කියා සිටියේ. ක්ෂේත්‍රයට පා තබන ඕනෑම කෙනෙකුට පොදුවේ මුහුණ දීමට සිදුවන කැපිලි කෙටිලි වලට ඇයට ද මුහුණ දීමට සිදු වුවත් ඇය කියා සිටින්නේ තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරියට යනවා නම් අන් අය විවේචනය කිරීමට අවශ්‍ය නොවන බව හා ඇය විශ්වාස කරන පරිදි රංගනය තුළ දී ඇයට ඇති අභියෝගය ඇයම බවයි
. මව ,පියා ගෙන් යුත් පවුලේ එකම දරුවා ලෙස උපත ලැබ යශෝදරා බාලිකා විදුහලින් අධ්‍යාපනය ලබා 2016 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඇති ඇයගේ පියා මේ වන විට විදේශ ගතව රැකියාවක් කරන බව හා මව හා ආච්චි, සීයා සමඟ කාලය ගත කරන බවයි අවිශ්කා කියා සිටියේ. ඉතින් ඒ වගේම තවමත් අවිවාහක යොවුන් වියේ පසුවන මේ සුරූපී රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපි ඇයට සුබපැතුම් එක් කර සිටින්නත් අමතක කරන්නේ නැහැ.
_____________________________________________________
You May like these videos ?
පියුමි හංසමාලි ලස්සන වෙන්න කරපු දේ මෙන්න?
බියුටි පැජන්ට් වල ඩිරෙක්ටර්ස්ලා තරුණියන්ට කරන දේවල් මහේෂි මධුසංඛා ප්‍රසිද්ධියේ හැමෝටම හෙළිකරයි..?
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |