අගමැතිට විරුද්ධව ඉතාලියේදී විරෝධයක්..(VIDEO /PHOTOS) විරෝධතාකරුවන් මහින්ද අසලටම එයි..
Sri Lanka
Mahinda Rajapakshe
Pasku attack
Italian
By Aruna
පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
ඉතාලියේ පැවැත්වෙන G 20 අන්තර් ආගමික ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීමට පැමිණ සිටින ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රජයේ නියෝජිතයන් බොලොඤ්ඤා නගරයට පැමිණි ඇති අවස්ථාවක මෙම සාමකාමී විරෝධය සංවිධානය කර තිබුණා.
මෙම විරෝධතාව සඳහා කතෝලික පියතුමන්ලා ඇතුලු යුරෝපායේ රටවල හා ඉතාලියේ විවිධ නගර වල ජිවත් වන ලාංකිකයන් රැසක් එක්ව සිටි අතර කලු කොඩි විවිධ සටන් පාථ ඉල්ලිම් පුවරු නිරුපණය කරමින් විරෝධතාව පැවැත්වුණා.
මෙම විරෝධතාව පැවති ස්ථානයේ සිට මීටර් 200 ක් දුරින් ශ්‍රී ලංකා අගමැතිවරයා නවාතැන් ගෙන සිටි හෝටලය පිහිටා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




