හදිසියේම තරුණයෙකු නොසිතූ ලෙස ජීවිතක්ෂයට පත් කළ අවාසනාවන්ත සිදුවීම
By Sithumi
ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගසේ තවත් කොටසක් වැදීමෙන් එම ස්ථානයේදීම අද (14) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්රේයස්වෙස්ටන් වත්තේ, ස්කල්ෆා කොටසේ පදිංචිව සිටි සෙල්වදොරේ මනිමාරන් (34) නැමැති වතු කම්කරුවෙකි. ජීවිතක්ෂයට පත් මෙම පුද්ගලයා ග්රේලස්වෙස්ටන් වත්තේ ගස් කැපීමේ කොන්ත්‍රාත්තුවක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
දින කීපයකට පෙර කපන ලද ගසක් ප්‍රපාතයකට ඇදවැටී තිබු බවත්, එම ප්‍රපාතයකට ඇද වැටී තිබු ගස තවත් අයෙකු සමග කොටස් කිරීමට කපමින් සිටියදි එම ගසේ තවත් කොටසක් සිරුරේ වැදීමෙන් මෙසේ අනතුරුට ලක්ව ඇති බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |