ධම්මික හිමි රිමාන්ඩ්..
Sri Lanka
Inter University Students Federation
By Sithumi
අත්අඩංගුවට ගත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේකම් තලවේ ධම්මික හිමි දෙසැම්බර් 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
හෝමාගම පොලිසිය විසින් මඟින් උන්වහන්සේ අත් අඩංගුවට ගනු ලැබුවා.
ඒ, ඉකුත් අඟහරුවාදා පැවති විරෝධතාවක් අතරතුර දී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
මේ අතර,හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබෙනවා.
එසේම එම විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බවද නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
