නිපා නිසා තායිලන්තයත් බියෙන්
By Kanchana
නිපා වෛරසය පැතිරීමේ අවධානම සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් ගුවන් මගීන් 1,700 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත.
ඉන්දියාවේ ව්‍යාප්ත වන නිපා වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාවේ කොල්කටා සිට පැමිණෙන ගුවන් මගීන් 1,700දෙනෙකු නිපා වෛරස් පරීක්ෂාව සඳහා යොමු කර ඇත.
කෙසේවෙතත් අදාළ පරීක්ෂණ වාර්තා වලදී වෛරසය ආසාදයනය වු කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.