පාසලේදී 11 හැවිරිදි දරුවකුගේ ජීවිතය බිලිගත් භයානක අනතුර.

Sri Lanka Police Accident Death School Incident
By Wayomi Apr 05, 2024 09:02 AM GMT
Wayomi

Wayomi

Report

කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ,තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් ගාත්මෝර් දෙමළ මහා පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක්.

මෙලෙස මියගොස් ඇත්තේ, මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙක්.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවිමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇති අතර පසුව රෝහල් අගත කිරීමෙන් අනතුරුවයි මියගිය බවයි වාර්තා වුනේ.

ReeCha