බැග්ඩෑඩ් හරිත කලාපයට ඩ්‍රෝන ප්‍රහාර
ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි දැඩි ආරක්ෂාව යටතේ පවතින හරිත කලාපයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ප්‍රබල පිපිරීම් මාලාවක් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් සිදුවී තිබේ.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, හරිත කලාපය තුළ ඩ්‍රෝන ක්රියාකාරීත්වයක් දක්නට ලැබුණු බවත්, ඩ්‍රෝන යානා දෙකක් බාධා කර විනාශ කළ බවත්, තුන්වැන්න රේඩාර් පද්ධතිවලින් අතුරුදන් වූ බවත්ය.
බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් මධ්‍යස්ථානයකටද පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා තුනක් ප්‍රහාර එල්ල කළ බවත්, එහිදී C-RAM ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවත් ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
රොයිටර් වාර්තා අනුව, නගරය වටා පිහිටි ප්‍රදේශවලින් රොකට් සහ අවම වශයෙන් ඩ්‍රෝන 5ක් එල්ල කර ඇති අතර, මෙය අමෙරිකා-ඊශ්‍රායල්-ඉරාන යුද්ධය ආරම්භ වූ පසු බැග්ඩෑඩ්හි සිදුවූ වඩාත් තීව්ර ප්‍රහාරයක් ලෙස විස්තර වේ.
රොයිටර් සාක්ෂිකරුවෙකුට අනුව, තානාපති කාර්යාලය දෙසට ගමන් කළ ඩ්‍රෝන අතුරින් තුනක් දක්නට ලැබුණු අතර, C-RAM පද්ධතියෙන් දෙකක් විනාශ කර ඇති අතර තුන්වැන්න තානාපති කාර්යාලය තුළට වැදී ඇති බවත්, එහිදී ගින්නක් හා දුම් මුලුන් බැස ඇති බවත් වාර්තා වේ.
ඉරාක ආරක්ෂක බලධාරීන් විසින් බැග්ඩෑඩ් හරිත කලාපය වසා දමා ඇති අතර, ආරක්ෂක බලධාරීන් වැඩිදුරටත් යෙදවා ඇත.
මෙම ප්‍රහාරවලින් ජීවිත හානි සිදුවූ බවට මෙතෙක් නිල වාර්තා නොමැති බවත්, එය ටෙහෙරානයට හිතවාදී ඉරාක සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදාවන්ට එරෙහිව එල්ල කරන ප්‍රතිචාර ප්‍රහාර ලෙස සැලකේ.
මෙම සිදුවීම එක්සත් ජනපදය සහ ඊශ්‍රායල විසින් ඉරානයට එල්ල කරන යුද්ධයේ බලපෑම ඉරාකයටත් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පෙන්වයි. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වේ.