කොවිඩ් මැද ළමුන් සොයා ආ ටීනියා රෝග ලක්ෂණ මෙන්න...(VIDEO)
වැඩිහිටියන් සහ ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.
පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි. මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.
මේ අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 36 දෙනෙකු මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත තවත් දස දෙනෙකු වාර්තා වී ඇති බවයි. මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය මාසය තුළ පමණක් එවැනි මරණ 4ක් වාර්තා වී ඇති බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ සඳහන් කළේ. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට අලුයම දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ අදාළ එන්නත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ලබාදීමට කටයුතු කරන බවයි. අද දිනයේදීත් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1180ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 263,758ක් දක්වා ඉහළ ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)