වඳ කළ පිරිමි මදුරුවන් දසලක්ෂයක් ගම්පහට මුදා හැරීමට සැරසෙයි.
ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වෙන බව වාර්තා වෙනවා.
ඒ, ඩෙංගු මදුරුවන් මර්දනය සඳහායි.
ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කිරීමටද නියමිතයි.
මෙම මදුරුවන් දසලක්ෂය මුදා හැරීමට ගම්පහ ප්‍රදේශයේ හෙක්ටයාර් තුන්සියයක භූමි ප්‍රදේශයක් ද තෝරා ගෙන ඇති අතර මීට පෙර ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහි නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ කියා සිටියේ.
එලෙස වන්ද්‍යකරණයට ලක් කළ පිරිමි මදුරුවන් ලක්ෂය බැගින් මාස හයක පමණ කාලයක් මෙම ප්‍රදේශයට මුදා හැරීමට කටයුතු කළ අතර මේ වන විට එම පළාතෙහි ඩෙංගු මදුරුවන් ව්‍යාප්තියක් සිදු නොවන බව නිරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
එමෙන්ම මහාචාර්යවරිය ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |