යාපනය කළඹපු යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම - සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය සදහන් කර ඇත පොලිස් විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල මට්ටමින් ද මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා සඳහන් කර තිබේ .
පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිසුන් දෙපිරිස අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, එය සිදුව ඇත්තේ සිසුන් නවාතැන්ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළදීය. මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
7සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කෝපායි පොලිසිය, ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ අනතුරුව ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කර ඇත මේ අතර, ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටතදී සිදුවුවද, පොලිස් විමර්ශන සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සූදානම් බව උපකුලපතිවරයා අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගැටුමට හේතු වූ කරුණු හඳුනාගෙන, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි