ගමක් කම්පා කළ මරණයක් - දතක් ගැලෙව්වට පස්සේ තරුණියක් මැරිලා

Report

දතක් ගැලවීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් නිසා රෝහල් ගත කළ 20 හැවිරිදි තරුණියක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (28) රාත්‍රියේ මියගොස් ඇති බවට හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරහේන, පොකුණුවිට ලිපිනයේ පදිංචි කෝට්ටගේ දෙව්මි මදුෂිකා නමැති තරුණියක් බව සඳහන්.

අඳාළ තරුණියගේ උඩු ඇන්දේ කෙළවර පිහිටි දතක වේදනාවක් ඇතිවීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගොස් ඇත්තේ ඉකුත් (14) වැනිදායි.

එදින ඇගේ එම දත ගලවා ගෙන පැමිණ තිබෙන අතර ඉන් පසු ඇයට නිතර වමනය සහ උදරාබාධය ඇතිවීම නිසා ඉකුත් (15) වන දින යළි පෞද්ගලිකව ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇත.

ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන

ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන

එහිදී ඇයට රුධිර පීඩනය අඩු බව පවසා ඇයව රෝහල් ගත කරන ලෙස සඳහන් කර ඇතැයි පවසයි.

ඒ අනුව ඇය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ විසින් සිදු කර ඇත.

ඒ අනුව හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් වැඩිදුර විමර්ශන සඳහා යොමු කරන ලෙස දැනුම් දී ඇත.

මුම්බායි හි බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 4ක් මරුට

මුම්බායි හි බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 4ක් මරුට

තවත් ප්‍රබල දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රබල දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි