ගුරුවරු 22000කට රතු එළියක්..අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්..

Ministry of Education Sri Lanka
By Aruna Mar 25, 2023 11:48 PM GMT
Aruna

Aruna

Report

පසුගිය සමයේ නුපුහුණු සංවර්ධන නිලධාරීන් 22,000ක් පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිදු පාසලක් ජාතික පාසලක් බවට පත්නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා,

"ජාතික පාසල් 1,000ක් හදන්න උත්සාහ කළා. ජාතික පාසල් 499යි - ගුරුවරු 35,000යි. 14,000ක් ජාතික පාසල් ගුරු මාරු ඉල්ලුවා. ප්‍රධාන පාසල් 20ක පමණ ගුරුවරු විරුද්ධ වුණා.

ජනාධිපතිතුමාට කියලා මාරු මණ්ඩලය විසුරුවා. මම මැදිහත් වෙලා එය විසඳා ගත්තා.

ජාතික පාසල් 499ක ගුරුවරු 35,000ක් එක්ක මේ වැඩේ කරන්න බැරුව පාසල් 1,000ක් පවරගත්තා නම් ගුරුවරු ලක්ෂයක්.

ජාතික පාසල් සඳහා ලබාදෙන්න වෙනවා." "සංවර්ධන නිලධාරීන් අරගෙන 22,000 ඇරියා කිසිදු තෝරා ගැනීමක් නැතුව.. විෂය ගැලපීමක් නැතුව දැම්මා..

පාසලට පුහුණු වෙන්න කියලා. වැඩිහරියක් දැම්මේ ප්‍රථමික. හරි.. ප්‍රථමිකයේ උගන්නන් පුළුවන්ද?. අධ්‍යාපන මනෝ විද්‍යාව ඇතුළු විෂයන් 32ක් උගන්නවා විද්‍යාපීඨ..

ඉතින් ඒ පුහුණුව මේ අයට තිබුණද ? උපාධිධාරියෙකුට පුළුවන්ද පළමු වසරේ දරුවෙක්ට උගන්වන්න.

අසාර්ථක අධ්‍යාපනයට කවුද වගකියන්න ඕනේ. මම ඇමතිනම් ඒ අවස්ථාවේ කීයටවත් යවන්නේ නැහැ"


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.