ගුරු විදුහල්පතිවරුන් අද තීරණාත්මක සාකච්ඡාවක..තීරණය කුමක්ද..?

strike teachers prime minister principle
By Sewvandhi Oct 18, 2021 02:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරු - විදුහල්පති වර්ජනයට විසදුමක් ලෙස අභ්‍යාසලාභී, සංවර්ධන නිලධාරී සහ ක්ෂේත්‍ර නිලධාරී පත්වීම් ලද උපාධිධාරීන් පාසල්වලට අන්තර්ග්‍රහණය කිරීමට විරෝධය පළ කරන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එහි කැදවුම්කරු චන්දන සූරියආරච්චි සදහන් කළේ, මීට මාස ගණනාවක සිට පවතින ගුරු පුරප්පාඩු 60,000ක් සඳහා අභ්‍යාසලාභී සහ සංවර්ධන නිලධාරී පත්වීම් ලද උපාධිධාරීන් අනුයුක්ත කරන ලෙස තමන් දිගින් දිගටම කළ ඉල්ලීම් රජය මේ අවස්ථාවේ දඩමීමා කරගෙන ඇති බවයි.

මේ මස 21 වැනි දා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු චන්දන සූරියආරච්චි කියා සිටියේ දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නව පත්වීම් ලද උපාධිධාරීන් පාසල් වෙත අන්තර්ග්‍රහණය කරමින් ලිපි යොමු කර ඇති බවයි.

මේ අතර, 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවට අද එළඹෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළා.

------------------------------------------------

ගුරු විදුහල්පති ගැටලුවට විසදුම්...?-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now