ජෝසප් ස්ටාලින් ඇතුළු කණ්ඩායමට අද සාකච්ඡාවෙන් වාසි වූවාද ?

By Sewvandhi Jul 27, 2021 09:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරු ගැටලුව හා සම්බන්ධව අද පැවති සාකච්ඡාවේ දී තම ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් නොලැබුණු බැවින් තවදුරටත් වෘත්තීය ක්‍රියා මාර්ග වල නිරත වන බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

"ගුරු - විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟ වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝදනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසමේ එකඟතාවය පළ වෙලා නෑ. ඒ හරහා අනෙකුත් ක්ෂේත්‍රයන් ගණනාවක වැටුප් විශමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සංගම් සමග සාකච්ඡා කෙරෙන්නේ. ඒ සාකච්ඡා තුළින් අපි බලාපොරොත්තුවෙනවා ගුරුවරුන්ට අදාළ විශමතා ඉවත් කරනවා වගේම රජයේ අනෙකුත් සේවකයින්ගේ වැටුප් විශමතාවයක් ඇති නොවෙන පරිදි එම යෝජනා ක්‍රියාත්මක කරගැනීම සහ යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න. එහි පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න තමයි රජය තීරණය කරගෙන තියෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now